එයාට ආදරේ කරන එක වරදක් නිසා එයාව මං හිතින් ඈත් කළා – මහේෂි මධුසංඛා

115
Maheshi Madushanka
Loading...

හෙළි නොකළ ආදර කතාවක් මහේෂිටත් ඇතිනේ.

එහෙම කතාවක් නම් තියෙනවා. ඒක ආදර කතාවක්ද? ඒකට දෙන්න ඕන නිර්වචනය මොකක්ද කියලා නම් මටම තේරෙන්නේ නැහැ.

මහේෂිගේ ඒ ආදර කතාවට සුදුසු නිර්වචනයක් දෙන්න පාඨක පිරිසට ඉඩ දෙමු.
අපි ඒ කතාව පාඨකයින්ට කියමු. මහේෂිගෙම වචනවලින්.

මම එයාව මුලින් දැක්කේ කවදාද කියන එක නම් කියන්න බැහැ. අපි මුලින්ම මුණගැහුනේ එක්තරා උත්සවයක වැඩසටහනක් වගෙ තැනකදී කියල විතරක් කියන්නම්.

ප්‍රථම හමුවීමේදීම ඔහු ගැන ආදරයක් ඇති වුණාද?

එහෙම කිසිම හැඟීමක් ඇති වුණේ නැහැ. හැබැයි ඉතින් ‘හරිම ලස්සන හිනාවක් තියෙන කොල්ලෙක්’ කියලා නම් හිතුණා. එයාට ඒ තරම් ආකර්ෂණීය හිනාවක් තියෙනවා. එදා හමුවුණාට පස්සේ අපි සාමාන්‍ය විදියට කතා කළා. ඊට පස්සේ වෙන්වෙලා ගියා. ආයෙ මුණගැහුනෙම නැහැ. ඊට මාස ගණනකට පස්සේ තමයි ආයෙ හමුවුණේ.

ඊට පස්සේ?

යම් යම් අවස්ථාවල අපිට හමු වන්න සිදුවුණා. ඒත් ඒක අපි දෙන්නගෙ පෞද්ගලිකව හමුවීමක් නම් නමෛයි.
මට පෙනෙන්නේ ඔය කියන කෙනා කලාවට සම්බන්ධයි.

මහේෂි නිළියක් වෙලා ජනප්‍රිය වුණාට පස්සේ තමයි ඔහු හමුවෙලා තියෙන්නේ.

(හිනැහි) ඔන්න ඔයා අනවශ්‍ය ප්‍රශ්න අහනවා. දැන් අහයි එයා නළුවෙක්ද කියලා. මම ඉතාම පැහැදිලිව කියන්නම් එයා නළුවෙක්වත් ගායකයෙක්වත් නමෛයි. එයා කැමරාවකට සම්බන්ධ නැහැ. ව්‍යාපාර ක්‍ෂේත්‍රයට සම්බන්ධයි. ඊට වඩා දේවල් අහන්න එපා.

හරි එහෙනම් කියන්නකෝ එයාට ආදරේ කළේ එයාගෙ ලස්සන හිනාවට වශී වෙලාද කියලා.

ඒ හිනාව ආකර්ෂණීය තමයි. ඒත් මම එයාට බැඳුණෙ හිනාවට නමෛයි. එයා එයාගෙ බිරිඳටයි දරුවන්ටයි ආදරේ කරන විදිය දැක්කම එයා සමාජයට මිනිසුන්ට දක්වන සුහදශීලී බව දැක්කම තමයි මට එයා ගැන පැහැදීමක් ඇති වුණේ.

එයා විවාහකයෙක්ද?

වැරදියට හිතන්න එපා. මම මුලිනුත් කිව්වේ ඒක ආදරයක්ද කියන එක හරියටම කියන්න බැහැ කියලා. අද ගොඩක් පිරිමි ගෙදරින් එළියට බහින්නේ මඟුල් මුද්ද ගලවල පාරේ මුණගැහෙන ගෑනු ළමයින්ට ඇඟවන්නේ ජීවිතේට ගෑනු ළමයෙක් දිහා බලපු නැති කෙනෙක් විදියට. ඒත් මෙයා එහෙම නැහැ. තමන්ගේ බිරිඳට ඒ තරම් ආදරේ කරන කෙනෙක් මම කවදාවත් දැකල නැහැ. එයා තමන්ගේ දරුවො තුන්දෙනාටත් ඒ තරමටම ආදරෙයි. සමාජෙ ඕනෑම කෙනෙකුට උදව් කරන්න සුහදශිලීව සලකන කෙනෙක්. මේ වගෙ ගුණ යහපත් කෙනෙක් ලබන්න මෙයාගෙ බිරිඳ කොයි තරම් වාසනාවන්තද කියල මට හිතුනා.

හිත ඇතුළෙ ඉබේම එයා ගැන ආදරයක් ඊට පස්සෙ ඇති වුණාද?

එයා ගැන තිබුණ පැහැදීම, බැඳීම, ගෞරවය, දිගින් දිගටම තිබුණොත් ඒ හැඟීම් වැඩිදියුණු වෙලා ආදර හැඟීමක් බවට පරිවර්තනය වුණොත් ඒක ලොකු වරදක්. ඒක මම දන්නවා. එයාට ආදරේ කරන එක වරදක් හින්දා ආදරයක් ඇතිවෙන්න කලින් එයාව මනසින් බැහැර කළා. ඊට පස්සේ එයාව මගෙ හිතට එන්න දුන්නෙ නැහැ.

Loading...

Comments

comments