ඔබ සල්ලිකාරයෙක් නොවන්නේ ඇයිද යයි කෙනෙකුගෙන් ඇසුවහොත් ඔහු හෝ ඇය ලබාදෙන කෙටිම පිළිතුර වෙන්නේ මට ඒ තරම් සල්ලි නැති නිසා කියන උත්තරේ නේද.. එත් ඇත්තටම සල්ලිකාරයෙක් වෙච්ච ඕනෑම කෙනෙක් පටන් අරන් තියෙන්නේ චුටිම තැනින් කියන එක අපි අමතක කරන්න හොද නැහැ.

හැබැයි අදනම් අපි කතා කරන්න යන්නේ ඔබට සල්ලිකාරයෙක් නොවී දුප්පතෙක් විදිහටම ඉන්න වෙන ඔයාගේ අතින් වෙන වැරදි වැඩ 10ක් ගැන.

10. ඔබ අසල්වැසියන්ගේ තීරණ ගැන වද වෙනවද?

ඔයත් ඔයාගේ අසල්වැසියට වඩා තමන්ට හැමදේම තියෙනවා කියලා පෙන්නන්න බොරුවට වැඩකට නැති බඩු භාණ්ඩ එකතු කරන්න දගලන කෙනෙක්ද.? එහෙනම් ඔයත් කරන්නේ ඔයාගේ අසල්වැසියාගේ හිත රිද්දවන්න ගිහින් තමන්ගේ සමෘධිය නැති කරගන්න එක කියලා ඔයාට මතක් කරලා දෙන්න කැමති.

9. ඔබ ඉවසිලිවන්තයෙක් නෙවෙයිනම්

ඔයත් තමන්ට අවශ්‍ය භාණ්ඩයක් ගැනීමට ඇති පමණ අතට මුදල් ලැබෙනකම් බලාගෙන ඉන්න තරම් ඉවසීමක් නැති පුද්ගලයෙක්ද? තියෙන හදිසිය නිසාම ණය කාඩ්පත් හෝ වෙනයම් ක්‍රමයකින් ණය ලබාගැනීමට පෙලබෙන කෙනෙක්ද.. එසේනම් කිසිම විවාදයකින් තොරව කියන්න පුළුවන් ඔයත් තමන් විසින්ම ණය උගුලක සිරවීමට උත්සහ දරන පුද්ගලයෙක් බව.

8. ඔයාටත් මේ වගේ නරක පුරුදු තියෙනවද?

ඔබත් දුම් පානය කරන, මත්පැන් තොලගාන, සුදුවට බර පුද්ගලයෙක්ද. එහෙමනම් මේ වෙනකොටත් ඔයා තමන්ව මිලියනපතියෙක් කරන්න අවශ්‍ය මුදල් වලින් සැහෙන ප්‍රමාණයක් නිකරුනේ වියදම් කරලා තියෙන නිකමෙක් බවනම් අපිට කණගාටුවෙන් උනත් කියන්න වෙනවා. උදාහරනෙකට දුම් පානය වගේ දෙයක් ගමු; ඒක ඔයාගේ මුදල් පමණක් නෙවෙයි ඔබේ සෞක්‍ය වගේම පවුල් ජීවිතය පවා අඩාල කරන්න හේතු වෙන බවනම් මේ වෙද්දී ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ.

7. ඔබට ජිවිතයේ ඉලක්ක නැද්ද?

අනාගත ඉලක්ක නොමැති ජිවිතයක් සාර්ථක කරගන්න වෙහෙසෙනවා කියන්නේනම් ඉතින් සෑහෙන අමාරු වැඩක් කියලා මේ video එක බලන ඔයාලට උනත් තේරෙනවා කියලා හිතෙනවා. ඔබට මිලියනපතියෙක් වෙන්න අවශ්‍යනම් ඉතින් ඒ ඉලක්කය ඔයාගේ හිතේ හැමවෙලේම තියෙන්න ඕනේ දෙයක්. එතකොට තමයි අපිට අපේ ඉලක්කයට යන්න අවශ්‍ය වෙලාව වෙන්කරගෙන නිසියාකාරව පාර කපාගන්න පුළුවන් වෙන්නේ.

6. ඔබ කිසිම දෙකට සුදානමක් නැති කෙනෙක්ද?

නරක කාලයක් කියන්නේ ඉතින් ඕනෑම් හොද පුද්ගලයෙක්ට උනත් ඕනෑම වෙලාවක එන්න පුළුවන් දෙයක්නේ. එත් ඉතින් ඒ නරක කාලෙට මුහුණ දෙන්න අපි අද ඉදලම ලෑස්ති වෙලා හිටියේ නැහැ කියන්නේ එහෙම නරක කාලයක් අපු දවසට ඔයා මහන්සියෙන් එකතු කරපු සේසතම ඉවරයි කියන එක තමා. ඒ නිසා ඒ දෙටනම් ඔයාගේ සුදානම් වීම අතිශය වැදගත් කියලා සලකන්න පුළුවන්.

5. නිවැරදිව හිතන්නේ නැතුව වැරදි තීරණ ගන්නවද?

සමාජයේ ජිවත් වෙන බහුතරයක් ටිකට් එකක් ඇදිලා වගේ ක්ෂණික දියුණුවක් හම්බුන අය නෙවෙයින්. හැමෝම කැපකිරීම් කරලා හිමිට තමන්ගේ අනාගතේ ගොඩනගාගත්ත අය. එක කොහොම උනත් තමන්ගේ කැපවීම, උනන්දුව වගේම නිවැරදි ආයෝජනයකින් පුළුවන් ඔයාව ඉක්මනින්ම මිලියනපතියෙක් උනත් කරන්න. ඒ නිසාම ගන්න හැම කුඩා තීරණයක් උනත් නිවැරදිව හිතලා බලලා ගන්න පුරුදු වෙන්න ඕනේ.

4. ඔබත් ඔබේ මුදල් රැකබලාගන්න අනිත් අයට බාර කරනවද?

ඔයත් තමන්ට වඩා වෙන කෙනෙක්ට ඔයාගේ සල්ලි පරිස්සම් කරන්න පුළුවන් කියලා හිතන කෙනෙක්ද. ඔයා මහන්සිවෙලා හම්බකරන මුදල් වෙන වැඩකට ආයෝජනය කරන්නේ සම්පුර්ණයෙන්ම වෙන කෙනෙක්ග අදහස් ඕනෑ එපාකම් අනුවද. හැබැයි මතක තියාගන්න ඕනෙම දෙයක් තමා තමන්ට සාර්ථකත්වය ඕනෙනම් අනෙක් අයගේ උපදෙස් අනිවාර්යෙන් ලබාගන්න ඕනේ උනාට ඔයාට ඔයාගෙම ඉදිරි ආයෝජන පිළිබද තීරණ ගැනීමේ ස්වාදීන බලයක් හැකියවනම් තියෙන්නම ඕනේ.

3. ඔබ නොදන්නා දේවල් වලට ආයෝජනය කිරීමේදීනම් පළමුව ඒ පිළිබද හොදින් අධ්‍යනය කර තිබිය යුතුමයි

ඔයාටත් හොද පොහොසතෙක් වෙන්න කරන්න පුළුවන් හොදම දෙයක් තමා අපි කවුරුත් නොහිතන, කවුරුත් නොදකින සැගවුන පැති වලින් අනාගතයට ආයෝජනය කරන එක. මේ ලෝකේ ජයගත් මිලියනපතියෝ විතරක් නෙවෙයි, බිලියනපතියෝ පවා එහෙම උත්සාහයෙන් අලුත් මාවතක් හොයාගෙන ගියපු අය. හැබැයි ඒ දේ කරන්න කලින් ඔයා දැනගත යුතු වැදගත්ම දේ තමයි තමන් නොදන්නා දෙයකට ආයෝජනය කරන්න කලින්නම් ඒ ගැන හොදටම හොයලා බලල හරියට තේරුම් අරන් ඉන්න ඕනේ කියන එක. නැත්තම් ඉතින් ඔයාගේ කාලයයි, මුදලුයි දෙකම ගඟට කපපු ඉනි වගේ වැඩකට නැතුව විනාස වෙලා යන එකනම් වලක්වන්න බැහැ.

2. ඔබ මුල්‍යමය වශයෙන් අවදානම් ගන්න බය පුද්ගලයෙක්ද?

ඔයා හම්බකරන මුදල් සාමාන්‍ය ගිනුමක තැන්පත් කිරිමෙන්නම් ඔයාට ඉහල මුල්‍යමය ප්‍රතිලබයක්නම් ලබාගන්න බැරි වෙන එකනම් පිළිගන්න පුළුවන් කාරණයක්. මොකද උද්ධමනය වගේ කරනා හින්දා තමන් තැන්පත් කරපු මුදලේ නියම වටිනාකම පස්සේ කලෙකදී ලබාගන්න බැරි වෙනවා. හැබයි ඔයා මුල්‍යමය වශයෙන් අවදානම් ගන්න බය නැති කෙනෙක්නම් විවිධ ක්‍රම වලට තමන්ගේ මුදල් යෝජයන කරලා ඉහල ප්‍රතිලාභයක් ගන්න පුලුවන්. හැබැයි ඉතින් කලින් කිව්වා වගේ නිවරදි තීරණ හරියට ගැනිමනම් අනිවාර්ය කටයුත්තක්.

1. ඔබ ඔබට තියෙන මුදල් ප්‍රමාණය ගැන නොසලකා කටයුතු කරන කෙනෙක්ද?

ඔයාට මුදල් උපයන්න යහපත්, නිවරදි අදහස් තිබබටම මදි, අදහස් වලින් උපයන මුදල් ගැන ඔයා නොසැලකිල්ලෙන් කටයුතු කරනවනම් ඔයාට මිලියනපතියෙක් වෙන්න තියෙන පාර නම් ඇහිරිලා යනවා. ඉ නිසාම අපහු කියන්න ඕනේ දෙයක් තමා මේ කිසිම සාර්ථකත්වයක් මැජික් එකක් වගේනම් වෙන්න නැහැ. තමන්ගේ මොලෙන්ම ගේම ගහන්න ඕනේ. ඒ නිසා උපයනවා වගේම ආයෝජනය කරද්දීත් වියදම් කරද්දීත් අපි විශාල සැලකිල්ලකින් කටයුතු කරන්න ඕනේ.

ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කරපු කාරණා ඔයාල හිතට ගන්න ඇති කියලා අපි හිතනවා. අද අපි කියපු කරනා වලින් එකක් නොවුනත් කිහිපයක්නම් තියෙනවා කියන්නේ ඔයාටත් මිලියනපතියෙක් වෙනවා කියන එකනම් සැහෙන අසීරු කාරණයක් වෙනවා කියන එක තමා. ඒ නිසා මේ ලිපිය ඉවර කරන්න කලින් අපහු කියන්න තියෙන්න ඔයාට මිලියනපතියෙක් නැත්තම් ධනවතෙක් වෙන්න ඕනෙනම් මහන්සියෙන්, කැපවීමෙන්, නිවැරදි තීරණ සහිතව, නිවැරදි ආයෝජනයන් කරන ගමන් අපි මේ ලිපියේ කතා කරපු වැරදිනම් කවදාවත්ම නොකරන්න වග බලාගන්න ඕනේ කියන එක තමා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here