ජංගම දුරකතනයක් නැති කෙනෙක් මේ වන විට සොයා ගැනීමට අපහසු තරම්. ඕනෑම
කෙනෙකු අතේ නවීන තාක්ෂණයෙන් යුතු ස්මාර්ට් ජංගම දුරකතනයක් දැක ගන්නට
පුළුවන්. එදිනෙදා ජිවිතයේ ඔබ භාවිතා කරන මේ දුරකතනයේ බැටරිය ඔබගේ ජිවිතයට
සැලකිය යුතු බලපෑමක් සිදු කරනවා. ඉතා ඉක්මනින් බැටරි බලය අවසන් වීම පිලිබදව
ඔබ දුරකථන නිෂ්පාදකයන්ට දෝශාරෝපනය කලත් සත්‍ය වශයෙන්ම එය එසේ වීමට
බලපාන්නේ ඔබ සතුව ඇති සමහරක් වැරදි පුරුදුයි. ඉතින් අපි අද ඔයාලට කියලා
දෙන්න යන්නේ ඔයාලගේ ජංගම දුරකතනයේ බැටරි බලය ඉතා ඉක්මනින් අඩුවීම සදහා
බලපාන හේතු මොනවාද කියලයි. ඔයත් ඉතා ඉක්මනින් බැටරි බලය අඩුවීම නිසා
කලකිරීමට පත් වී සිටින කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ ලිපිය අවසානය තෙක් කියවන්න.

01. බැටරිය ආරෝපණය කරන කෙවෙනිය පිරිසිදු නොකිරීම.

අපි බොහෝ වෙලාවට අපගේ දුරතකන්යේ ඩිස්ප්ලේ එක සහ බාහිර ආවරණය පිරිසිදු
කලත් බැටරිය ආරෝපණය කරන කෙවෙනිය පිරිසිදු කරන්නේ ඉතා අඩුවෙන්. මේ නිසා
කුඩා පුළුන් කැබැල්ලක් හෝ කොට්න් බඩ් එකක් ආධාරයෙන් එම කෙවෙනිය මෘදුව
පිසදමන්න. එසේ පිස දැමීමෙන් එහි අඩංගු කුණු දුහුවිලි සියල්ල ඉවත් වී යනවා. පිස
දැමීමෙන් පසු බැටරිය ආරෝපණය කරන්න. බැටරිය ආරෝපණය වීමට ගත වන
කාලයඅඩු වන අතරම එය පවත්වා ගත හැකි කාලය සැලකිය යුතු තරම් වැඩි වෙන
බව ඔබටම අත්දකින්නට පුළුවන්.

02. ඔබගේ දුරකතනයේ තිරය දීප්තිමත් බැවින් වැඩි වීම.

ඔබගේ දුරකතනයේ බැටරි බලයෙන් වැඩි ප්‍රමානයක් වැය වන්නේ එහි තිරය සදහායි. මේ
නිසා ඔබගේ තිරයේ දීප්තිය හැකි තරම් අඩු කිරීමට උත්සාහ කරන්න. ඔබ දුරකතනය
ක්‍රියාත්මක වන සෑම අවස්ථාවකදීම එමගින් වැයවන බැටරි බලය ඉතිරි කර ගැනීමට
එමගින් පුළුවන්. එසේම ඔබට වඩාත් පැහැදිලිම දුරකතනය භාවිත කිරීම සදහා සුදු සහ
කළු පැහැයෙන් යුතු වෝල් පේපර්ස් භාවිතා කරන්නට පුළුවන්.

03. දුරකතනය අතේ තබා ගැනීම.

ජංගම දුරකථන රත් වීම සාමන්යෙන් සිදු වන දෙයක්. ඔබ එය අතේ තබා ගැනීම නිසා
එහි රත් වීම වඩාත් වැඩි වන්නේ අපගේ අතේ තිබෙන උෂ්ණත්වයත් එය උකහා ගන්නා
නිසායි.එවිට ජංගම දුරකතනයේ බැටරි බලය ඒ සදහා අනවශ්‍ය ලෙස යෙදවෙන්නට
පුළුවන්.මේ නිසා ඔබ එදිනෙදා ගමන් බිමන් වල නිරත වන විට මින් පසුව එය ගමන්
මල්ලක හෝ ඔබගේ සාක්කුවේ දමාගෙන යන්නට අමතක කරන්නට එපා.

04. ඇප්ලිකේෂන් භාවිතා කිරීමෙන් පසු ඒවා සම්පුර්ණයෙන් ඉවත් නොකිරීම.

ඔබගේ දුරකතනයේ සමාජ ජාලා වලට අයත් ඇප්ලිකේෂන්,විවිධ ගේම් වර්ග වැනි
ඇප්ලිකේෂන් බොහොමයක් තිබෙන්නට පුළුවන්. ඒවා භාවිතයෙන් පසු සම්පුර්ණයෙන්ම
ඉවත් නොකිරීම නිසා ඒවා සදහාද සැලකිය යුතු බැටරි බලයක් වැය වන්නට පුළුවන්. මේ
නිසා ඒවා භාවියෙන් පසු සම්පුර්ණයෙන් ඉවත් කිරීමට අමතක කරන්නට එපා.

05. නිතරම නොටිෆිකේෂන් ලැබීම.

ඔබගේ දුරකතනයට ඉන්ස්ටෝල් කර ඇති විවිධ ඇප්ලිකේෂන් වලින් ඔබට නිතරම
නොටිෆිකේෂන් පැමිණෙන්නට පුළුවන්. මෙසේ පැමිණෙන නොටිෆිකේෂන් නිසා ඔබගේ
දුරකතනය තිරය සක්‍රිය වෙනවා පමණක් නොවෙයි සමහරක් වෙලාවට දුරකතනය
වයිබ්රේට් වීමක් ද සිදු වෙනවා. මෙමගින් ඔබගේ දුරකතනයෙන් සැලකිය යුතු බැටරි
බලයක් හානි වෙන්නට පුළුවන්. මේ නිසා ඔබට අත්‍යවශ්‍ය ඇප්ලිකේෂන් හැර අනෙක්
සියල්ලේ නොටිෆිකේෂන් අක්‍රිය කරන්න.

06. බැටරි සෙටින්ග්ස් වෙත අවධානය යොමු කරන්න.

ඔබ ඇන්ඩ්රොයිඩ් දුරකතනයක් භාවිතා කලත් ඇපල් ජංගම දුරකතනයක් භාවිතා
කලත් ඔබගේ දුරකතනයේ ඇති සෙටින්ග් මෙනුවට පිවිසීමෙන් බැටරියට අදාළ උප
මෙනුවට පිවිසෙන්නට ඔබට පුළුවන්. එමගින් බැටරි බලය වැඩි වශයෙන් වැය වන
ඇප්ලිකේෂන් පිලිබදව දැන ගැනීමට ඔබට පුළුවන්. එමගින් ඒවායේ සිදු කල යුතු
වෙනස්කම් මොනවාද යන්න පැහැදිලි අවබෝධයක් යොමු කරන්නට ඔබට හැකියාව
ලැබේවි. ඔබට අනවශ්‍ය අප්ලේකේෂන් එකක් වෙනුවෙන් වැඩි බැටරි බලයක් වැය වේ
නම් එය ඉවත් කර දැමීමට ඔබට පුළුවන්.

07. වැඩි දීප්තියකින් යුතු වෝල් පේපර්ස් භාවිත කිරීම.

ඔබ දීප්තිමත් වර්ණ වලට කැමති කෙනෙක් වුවද ඔබගේ දුරකතනයට දීප්තිමත් බැවින්
වැඩි වෝල් පේපර්ස් යොදා ගැනීමෙන් වලකින්න. එසේ සිදු කිරීමෙන් වන්නේ ඔබ
දුරකතනය භාවිතා කරන සෑම අවස්ථාවකදීම එහි බැටරි බලය අනවශ්‍ය ලෙස නාස්ති
වීමයි. එසේම ඔබගේ දුරකතනයේ දීප්තියෙ මට්ටමද හැකි සැම විටකම 40% අතර
පරාසයක තබා ගන්න.

08. දුරකතනයේ ශබ්දය අධිකව වැඩි කිරීම.

ඔබ නිතරම ඔබගේ ජංගම දුරකතනයේ ශබ්දය උපරිමයෙන් භාවිතා කරයි නම් ඒ
සදහා ද දුරකතනයේ බටරි බලය සැලකිය යුතු තරම් වැඩි වෙනවා. එසේම ඔබට දවස
පුරාම ලැබෙන නොටිෆිකේෂන් සදහාද තරමක් අඩු ශබ්දයක් භාවිතා කරන්න. එමගින්
අනවශ්‍ය ලෙස නාස්ති වන ඔබගේ බැටරි බලය පහසුවෙන් ඉතිරි කර ගන්නට ඔබට
පුළුවන්.

09. දුරකථනය වයිබ්රේට් වීමට සැලැස්වීම.

බොහෝ දෙනෙකු අනවශ්‍ය වෙලාවල් වලදී පවා දුරකතනයේ වයිබ්රේට් පහසුකම සක්‍රිය
තත්වයෙන් තබා ගන්නවා. ඔබ එතරම් අවධානයක් යොමු නොකලත් දුරකතනයේ බැටරි
බලය අවම වීම සදහා මෙය ඉතා විශාල හේතුවක් වෙනවා. මේ නිසා හැකි සෑම විටම
සයිලන්ට් පහසුකම හෝ රිගින් මොඩ් පහසුකම සක්‍රිය තත්වයෙන් පවත්වා
ගන්න. අත්‍යවශ්‍ය වෙලාවල්වල පමණක් වයිබ්රේට් පහසුකම් සක්‍රිය තත්වයෙන් පවත්වා
ගන්න.

10. ජංගම දුරකථනය සදහා විවේකයක් ලබා නොදීම.

අපගේ ශරිර වලට වගේම දුරකතනයටත් විවේකයක් අවශ්‍ය වෙනවා. මේ නිසා ඔබ
භාවිතා නොකරන විට එහි ස්ලීප් මොඩ් සක්‍රිය කර තබන්න. එසේත් නැත්නම් නිශ්චිත
කාලයක් තුල තිරය ඉබේම ඔෆ් වන ලෙස සකසා තබන්න. මේ මගින් සැලකිය යුතු
බැටරි බලයක් ඉතිරි කර ගන්නට පුළුවන්.

11. GPS,බ්ලුටුත් සහ වයිෆයි සක්‍රිය තත්වයේ පවත්වා ගැනීම.

GPS,බ්ලුටුත් සහ වයිෆයි යනු ඔබගේ ජංගම දුරකතනයේ බැටරි බලය වැඩි වශයෙන්
ලබා ගෙන ක්‍රියාත්මක වන වැඩසටහන් කිහිපයකි. ඔබට වයිෆයි පහසුකම දවස පුරාම
අවශ්‍ය වුවත් GPS සහ බ්ලුටුත් අනවශ්‍ය වෙලාවල් වලදී අක්‍රිය කර තබා ගැනීමට
අමතක කරන්නට එපා.

12. වොයිස් කමාන්ඩ් පහසුකම දිගින් දිගටම භාවිතා කිරීම.

කෘතීම බුද්ධිය අලලා නිර්මාණය කර ඇති කටහඩට අනුව ක්‍රියාත්මක වන ඇප්ලිකේෂන්
වර්ග නිසා ඔබගේ බැටරි බලය ඉතා ඉක්මනින් අඩු වෙන්නට පුළුවන්. මේ නිසා එවැනි
ඇප්ලිකේෂන් භාවිතය තරමක් අඩු කිරීම ඔබගේ දුරකතනයේ බැටරි බලය වැඩි
කාලයක් තබා ගැනීමට ඔබට උදව් වේවි.

13. ඔටෝ රොටේට් පහසුකම සක්‍රිය තත්වයෙන් පවත්වා ගැනීම.

වීඩියෝවක් නරබන විට ඔටෝ රොටේට් පහසුකම ඔබට ඉතා ප්‍රයෝජනවත් වන්නට
පුළුවන්. නමුත් දුරකතනයේ ඇති විශේෂ සෙන්සර් එකක් මගින් ක්‍රියාත්මක වන මෙවැනි
වැඩසටහන් නිසා ඔබගේ දුරකතනයේ බැටරි බලය සැලකිය යුතු තරම් අඩුවෙන්නට
පුළුවන්. මේ නිසා අනවශ්‍ය වෙලාවල් වලදී එය අක්‍රිය තත්වයෙන් තබා ගැනීමට මතක
තබා ගන්න.

14. දුරකථනය ඔෆ් නොකිරීම.

ඔබට දවස පුරාම සැලකිය යුතු මෙහෙයක් ඉටු කරන ජංගම දුරකතනය රාත්‍රී කාලයේ
ඔෆ් කර තබන්න, එසේ තැබීමෙන් දුරකතනයේ බැටරියට යම් විවේකයක් ලබා ගැනීමට

අවස්ථව ලැබෙනවා පමණක් නොව පසු දින වෙහෙසකින් තොරව කටයුතු කිරීමටද
අවස්ථාව ලැබෙනවා. මේ නිසා රාත්‍රී කාලය තුල පුරුද්දක් ලෙස ඔබගේ දුරකථනය
විසන්ධි කර තැබීම පුරුද්දක් ලෙස සිදු කරන්න.

15. දුරකතනය උපරිමය දක්වා චාර්ජ් කිරීම.

ඔබගේ දුරකතනය සම්පුර්ණයෙන්ම චාර්ජ් කර ගැනීම ඔබට සතුටක් වන්නට
පුළුවන්. නමුත් එය ඔබගේ දුරකතනයේ බැටරියට හානි සිදු කරන බව ඔබ දැන
සිටියාද? වර්තමානයේ බොහෝ ස්මාර්ට් ජංගම දුරකථන වල බැටරිය ලිතියම් සහ අයන්
වලින් නිෂ්පාදනය කර තිබෙනවා. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ උපරිමය දක්වා
ආරෝපණය වීම සමහරක් වෙලාවට මෙම බැටරි වලට දරා ගැනීමට නොහැකි වන
බවයි. මේ නිසා සියයට 95ක් ආරෝපණය වූ පසු දුරකතනය කෙවෙනියෙන් ඉවත් කිරීමට
මතක තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here