වර්තමාන තරගකාරී සමාජය තුල නම් කාන්තාවක් අභියෝග වලට නොබියව මුහුණ දෙමින්, නොසැලී ජිවත් වීම අත්‍යවශ්‍ය කටයුත්තක් වෙලා තියෙනවා කිව්වොත් ඔයාල කවුරුත් එකගවෙයි කියලා හිතනවා. ඉතින් අන්න ඒ නිසාම එවැනි ශක්තිමත් කාන්තාවන් හදුනාගැනීමට හා ඔවුන්ව දිරිමත් කිරීම වෙනුවෙන් එවැනි කාන්තාවන් සතු ගතිලක්ෂණ ගැන ඔයාලට තොරතුරු ඉදිරිපත් කරන්න අපි තීරණය කරා.

ඉතින් මේ ලිපිය කියවන කාන්තා ඔබත් මෙම ලක්ෂණ වලින් හෙබි පුද්ගලයෙක්නම් තමන්ගේ වටිනාකම් හදුනාගෙන කිසිවෙකු හමුවේ තැලී පොඩි නොවී තනියම අභියෝග ජයගත හැකි ශක්තිමත් කාන්තාවක් බවනම් නොඅනුමානයි. ඒ වගේම කියන්න ඕනේ පිරිමි ඔබටත් වර්තමාන සමාජය සමග හැල හැප්පෙමින් තමන් සමග සාර්ථකව අනගතයට මුහුණ දීමට හැකි අනාගත සහකාරිය තෝරාගැනීමේදී මේ ලක්ෂණ උපකාරි වෙයි කියන එකයි අපේ හැගීම.

1. ඇය තමන්ට වගේම අනෙක් අයටත් ගරු කරන තැනැත්තියක්

මානසිකව ශක්තිමත් කාන්තාවක් සතු විශේෂ ගතිගුණයක් ලෙස ඔවුන් තමන්ට වගේම අනෙක් අයටත් එකලෙස ගරු කිරීම පෙන්වා දෙන්න පුළුවන්. සෑම දෙනා සමගම ආචාරශිලිව කටයුතු කරන ඇය අන් අයගේ හඩටත් අවස්තාවක් ලබා දෙන අතර ඔවුන්ගේ අදහස් වලටද නිහඩව සවන් දෙන තැනැත්තියක් බවනම් කිව යුතුමයි. එලෙසම ශක්තිමත් කාන්තාවන් තම ප්‍ර‍‌‍‍‍‌ඥාව හා නිහතමානිකම නිසා අන් අයගේ ගරුත්වයටද නිරන්තරයෙන් ලක්වන පිරිසක් කියන්න පුළුවන්.

2. ඇය ස්වාධින චරිතයක්

ශක්තිමත් මනසකින් යුත් කාන්තාවක් කියන්නේනම් ඉතීම් නිතරම ස්වාධීනව හිතන, කටයුතු කරන පුද්ගලයෙක් කියන එකනම් කියන්නම ඕනේ කාරණයක්. තමන් පිළිබද නිවැරදි තක්සේරුවකින් යුත් එවැනි කාන්තාවකට තමන්ගේ ඉලක්ක කරා ගමන් කිරීමට වෙන පුද්ගලයෙකුගේ උදව්වක් නම් කිසිම වෙලාවක අවශ්‍ය නොවන අතර නිවැරදි වේලාවට නිවැරදි තීරණ ගැනීම නිසා අතීතය දෙස ආපසු හැරී බැලීමකදී පසුතවිම්නම් ඇත්තෙම නැති තරම් කියන්න පුළුවන්

3. තමාගේ හැඟීම් පාලනය කරගත හැකි ආකාරය දැනුවත් තැනැත්තියක්

මෙවැනි කාන්තාවන් තම සිතට අවශ්‍ය ආකාරයට තමාව පාලනය කිරීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන අතර තමාට අවශ්‍ය ආකාරයට සිත පාලනයට නතු කරගැනීමනම් සිදුකරනවා දකින්න පුළුවන්. ඒ නිසාම තම හැගීම් ඉක්මනින් වෙනස් කිරීමේ හෝ යටපත් කරගැනීමේ හැකියාවනම් මොවුන් හට හොදින් පිහිටා ඇති බව කිව යුතුම කාරණයක්. කිසිම දෙයක් පිළිබද බයෙන් හෝ සැකයෙන් නොබලන ඔවුන් එවැනි පසුගාමී හැගීම් තුලින් තමන්ට අවශ්‍ය සාර්ථකත්වය නොලැබෙන බවට හොදින් ම දැනුවත් වූ පිරිසක් කියන්න පුළුවන්.

4. ශක්තිමත් කාන්තාවන් අභියෝග බාරගැනිමටනම් කිසිවිටෙක බියක් නොදක්වයි

බොහොමයක් අභියෝග ජයගනිමටනම් මානසිකව හොදින් ශක්තිමත් විය යුතු බව දන්නා මෙවැනි කන්තාවන් නම් අභියෝග බාරගැනිමට කිසිවිටෙක බියතාවක් නොදක්වන අතර සෑම විටම විවෘත මනසකින් ලෝකය දකින මොවුන් ජිවිතයේ ලැබෙන සෑම අභියෝගයක්ම බාරගෙන ඒවගෙන් පාඩම් ඉගෙනගෙන ඉදිරියට යාමට කටයුතු කිරීම දැකිය හැකි විශේෂ ලක්ෂණයක්.

5. සෑම විටම ධනාත්මකව සිතීම සිදු කරයි

සෑම දෙයක් ගැනම ධනාත්මකව හිතන මෙවැනි කාන්තාවන් කිසිවිටෙක ප්‍රශ්න වලින් පැන නොයන අතර ප්‍රශ්න වලදී එහි අනාගතය ගැන ධනාත්මකව මෙන්ම දාර්ශනිකව සිතා බලා නිවැරදිම තීරණය ක්ෂණිකව ගැනීම වැදගත් ලක්ෂණයක්. ඒ වගේම ධනාත්මකව සිතීමේ වැදගත්කම හොදින්ම දන්නා මොවුන් තම ජීවිතය හා අනාගතය ඉහල උන්නතාන්ශයකින් සිට නිරීක්ෂණය කරන පිරිසක්.

මිට අමතරව මෙවැනි මානසිකව ශක්තිමත් කාන්තාවන්,

  • තම ජිවිතයේ අරමුණු හොදින් අදුරන අතර ඒවා පසුපස හබ යාමට බිය නොවීම.
  • නිර්මාණශීලි මෙන්ම ඉහල පරිකල්පන ඥානයකින් යුක්ත වීම.
  • පුද්ගලයින් සමග ඍජුව සම්බන්ද වී කටයුතු කිරීම.
  • තම සෞඛ්‍ය හා සතුට පිළිබද සැලිකිලිමත් වීම හා ඒ වෙනුවෙන් වෙනත් අයෙක් මත නොයැපීම.
  • උද්යෝගිමත් මිනිසුන් සමග කටයුතු කරන අතර ඍණාත්මක අදහස් ඇති පුද්ගලයන් සමග ඇලි නොසිටීම.
  • නිරන්තරයෙන් නව දේවල් ඉගෙන ගැනීම හා අත්හදා බැලීම.
  • කිසිවෙකුට ඇයව හසුරුවාලීමට ඉඩ නොදෙන අතර අගේ මුව වසා තැබීමටද ඉඩ නොලැබීම.

වැනි ගති ලක්ෂණ වලින්ද බොහොමයකට හිමිකම් කියන බවනම් අපිට නිසැකවම කියන්න පුළුවන් කාරණයක්.

අවසාන වශයෙන් නම් කියන්න තියෙන්නේ මෙවැනි කාන්තාවන් ලෝකය වෙනස් කිරීමට සමත් විශේෂ පුද්ගලයින් වන අතර පිරිමි ඔබේ අනාගත සහකාරිය වීමෙන් දෙදෙනාටම එක්ව දියුණුවේ ඉනි පෙත්තටම ගමන් කිරීමට වාසනාව, ඉඩ හසර නම් නිසැකවම විවර වීම සිදු වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here