අන්තර්ජාලයේ දැවැන්තයා වන ගූගල් ආයතනයේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බව පසුගිය දිනවල අන්තර්ජාලය තුල බොහොමයක් වෙබ් අඩවි වාර්තා කර තිබුනා.

මෙම ව්‍යාපෘතිය නම් කරල තියෙන්නේ Kitty Hawk කියලයි.

වඩාත් සාර්ථක අන්දමින් අත්හදා බලා ඇති මෙම පියාඹන මෝටර් රථය දැනට පර්යේෂණ ගමන් වාර 1500 ක් පමණ සම්පුර්ණ කරලා තියෙනවලු.

මෙම පියාඹන මෝටර් රථය ලිතියම් පොලිම්ර් බැටරියකින් පණ ගැන්වෙන අතර එය වරක් ආරෝපණය කළ පසු මිනිත්තු 20 ක කාලයක් පුරා රථය ධාවනය කළ හැකි බව එහි නිෂ්පාදකයෝ පවසනවා.

බර කිලෝග්‍රෑම් 100 ක් පමණ වන මෙම රථයට පැයට කිලෝමීටර් 40 ක හෙවත් පැයට සැතපුම් 25 ක වේගයකින් පියාසර කළ හැකියි.

මෙම පියාඹන මෝටර් රථය මෙහෙයවීම සඳහා ගුවන්යානා පැදවීමේ බලපත් අවශ්‍ය නොවන අතර පාරිභෝගිකයින්ට විනාඩියක කාලයක් ඇතුළත එය පදවන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි බවත් නිෂ්පාදන සමාගම සඳහන් කර සිටිනවා.

ඇමරිකාව තුළ මෙම පියාඹන මෝටර් රථය ධාවනය කිරීම සඳහා මේ වන විට අවසර ලැබී ඇති නමුත් එහි මිල මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

kitty hawk flyer

kitty hawk flyer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here