බුදු දහම වෙත නැඹුරු වූ සුපිරි හොලිවුඩ් තරු මෙන්න

මැවුම්වාදය ප්‍රතික්ෂේප කරන බුදු දහම ලොව බුද්ධිමතුන්ගේ දර්ශනයක් යැයි ප්‍රචලිත වී ඇති දහමක් කියුවොත් නිවැරදියි.. බුදු දහම තුළ දෙවියන් වහන්සේ පිනවීම සහ සතුටු කිරීම වෙනුවට තමුන්ගේ සතුට වෙනුවෙන් ජීවිතය හැඩගස්වාගන්නා හැටි පැහැදිලිව දක්වා තිබෙනවා. එම නිසා ලොව පුරා ප්‍රකට කලාකරුවෝ රාශියක්ද මෙම විචාරශීලී බුදු දහම හා බැඳී සිටිනවා. එලෙස බුදු දහමට නැඹුරු වූ හොලිවුඩ් තරු රාශියක් අතරින් කිහිප දෙනෙකු ගැන අද අපි සොයා බලමු…

1. ඇන්ජලීනා ජොලී

angelina jolie

ඇන්ජලීනා ජොලී විසින් දරුකමට ගත් එක් දරුවෙකු බෞද්ධ ආගම අදහන කාම්බෝජ දරුවෙක්. ඇය කාම්බෝජයේ කලක් රූගත කිරීම් වලටද එකතු වී තිබෙනවා.. බුදු දහමට ඇන්ජලීනාගේ සිත ඇදී ගියේ ඒ කාලයේදීය. ඇය කාම්බෝජයේ මිනිසුන්ට, ගහකොළ වලට මෙන්ම එහි සංස්කෘතියටද ආශා කරන්නීයක්. දෙවියන් යැදීමට වඩා බුදු දහමෙහි දර්ශනය වැදගත් බව ජොලීගේ අදහස වී තිබෙනවා.

2. බ්‍රැඩ් පිට්

brad pitt

ඇන්ජලීනා සහ බ්‍රැඩ් කලකදී හොලිවුඩයේ ජනප්‍රියම ජෝඩුවක් වූ නමුත් පසුව එය වෙනස් වුනා.. කෙසේ වෙතත් ඇන්ජලීනා සහ බ්‍රැඩ්ගේ දරුවා වූ කාම්බෝජ සම්භවයක් සහිත මැඩොක්ස් නිසා බ්‍රැඩ්ද බුදුදහමට නැඹුරු වූ අයෙක්. කාලයක් බ්‍රැඩ් බුදුදහමේ දහම් කොටස් ගැන නිතිපතා ඉගෙනගත් බවද සඳහන් වෙනවා.

3. කේට් හඩ්සන්

kate hudson

2000-2010 කාල සීමාවේදී කේට් හඩ්සන් ජනප්‍රිය විකට චිත්‍රපට නිලියක් ලෙස ඉමහත් ප්‍රසිද්දියක් ඉසිලුව.. ඇය රොමෑන්ටික් කොමඩි නරඹන හොලිවුඩ් ලෝලීන්ගේ නොමද ආදරය දිනාගත් තාරකාවක් වුනා.. හඩ්සන්ගේ දෙමාපියන් සහ සහෝදරයන්ද සිනමාවට සම්බන්ධ තාරකාවන්. සම්භවය අනුව යුදෙව් ආගම අදහන්නට නියම වුවත් කේට්ගේ මව මෙන්ම කේට්ද බුදු දහමට නැඹුරු වුනා.. ඇය මෑතකදී අදහස් දක්වා තිබුණේ දැන් ඇය උදේ සවස විනාඩි 20ක් පමණ භාවනාවේද නිරත වන බවයි.

4. ඕලන්ඩෝ බ්ලූම්

ඕලන්ඩෝ බ්ලූම් ලෝඩ් ඔෆ්ද රිංග්ස් හරහා ජනප්‍රිය වූ මිත්‍යා කතා ආදිය රඟපෑමේ දක්ෂයෙකි. ඔහු, ද හොබිට්, ට්‍රෝයි, පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් ආදී ජනප්‍රිය චිත්‍රපට වලටද දායකත්වය සපයා තිබෙනවා.. ඉංග්‍රීසි ජාතිකයෙකු වූ ඕලන්ඩෝගේ මව ඉපදී ඇත්තේ ඉන්දියාවේ කල්කටාවේදීයි. ඕලන්ඩෝ ජපාන බුදු දහමේ සෝක ගක්කායි නැමැති සම්ප්‍රදායේ අනුගාමිකයෙක්. ඔහු ඒ ඇදහීම් විශ්වාස කර, ඒවාට වන්දනාමාන කරමින් සිය ජීවිතයට ආශීර්වාද ලබාගන්නා බව වාර්තා වල සඳහන් වෙනවා. ඔහුගේ පැරණි පෙම්වතිය වූ කේට් බොස්වර්ත් හා ජීවත් වූ කාලයේ ඔවුන්ගේ නිවසේ වන්දනාමාන කිරීමට වෙනමම අවකාශයක්ද තනා තිබුණු බව පැවසෙනවා.

5. ෂැරොන් ස්ටෝන්

sharon stone

ෂැරොන් ස්ටෝන් ආන්දෝලනාත්මක ජනප්‍රිය සිනමා නිර්මාණ ගණනාවක් හරහා හොලිවුඩ් සිනමාව සෙලවූ සුන්දර නිළියක්. ඇය 1990 දී දලයි ලාමාතුමාගේ අදහස් වලට පැහැදී ටිබෙට් බුදු දහම වැළඳ ගත්තා. 2008 සිදුවූ සිචුවාන් භූමිකම්පාවේදී ඔවුන්ට උදව් කරන්නටද ෂැරොන් ස්ටෝන් නොපැකිලිව ඉදිරිපත් වුනා.

6. රිචඩ් ගියර්

richard gere

රිචඩ් ගියර් 70 දශකයේ සිට මේ දක්වාම හොලිවුඩ් හි විවිධ චරිත නිරූපණය කළ සම්මානනීය නළුවෙක්. ටිබෙට් – චීන ගැටුමේදී, ටිබෙට් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි රිචඩ් ගියර් ටිබෙට් බුදු දහම විශ්වාස කරන්නෙක්. ඔහු කිහිප විටක්ම දලයි ලාමා වෙනුවෙන්ද අදහස් දක්වා තිබෙනවා. ඔහුට වයස 29 දී කළ නේපාල සංචාරයකදී රිචඩ්ගේ සිත බුදුදහම කෙරෙහි ඇදී ගොස් තිබෙනවා.. එතැන් පටන් බුදුසමය ගැන පැහැදී කටයුතු කළ ගියර්, ධර්ම්ශාලා හි දලයි ලාමාගේ නිවහන වෙතද අවස්ථා කිහිපයකදීම ගොස් උන්වහන්සේ බැහැදැක තිබෙනවා.

7. සාරා ජෙසිකා පාකර්

sarah jessica parker

ජීවිතයට සැනසීම ගෙන එන සරල දහමක් වන බැවින් බුදුදහම බොහෝ ජනප්‍රිය තරු අතර ජනප්‍රිය වූ දහමක්. වරක් ජෝන් එෆ් කෙනඩි ජූනියර් සමඟද සම්බන්ධතාවයක් තිබූ දක්ෂ නිරූපිකාවක සහ සම්මානනීය නිළියක් තමයි ජෙසිකා පාකර්. ජෙසිකා හීබෲ ඇදහීම් සහ බෞද්ධ දර්ශනය හදාරා ඇති අයෙක්.. එසේම බුදු දහම ගැන ඇගේ පැහැදීමක් ඇති බව ප්‍රසිද්ධියේම කියා තිබෙනවා.

8. ස්ටීවන් සීගල්

steven seagal

ක්‍රියාදාම නළුවෙකු ලෙස ජනප්‍රිය වූ ස්ටීවන් සීගල් ටිබෙට් බුදු දහමට ඇලුණු තරුවක්. ඔහු ටිබෙට් සම්ප්‍රදායේ එක් නිකායක් සඳහා ආන්දෝලනාත්මකව සහාය දී තිබෙන අතර ඒ වෙනුවෙන් ආධාර උපකාරද නොපැකිලිව ලබා දී තිබේබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here