Yutu-2

පසුගිය ජනවාරියේදී සඳේ ඈත ප්‍රදේශ නිරීක්ෂණය සඳහා දියත් කල ප්‍රථම රොබෝ යානය වන චීනයේ Yutu-2 විසින් සඳේ ආවාට වල ජෙලි වැනි ද්‍රාවණ සහිත අමුතු ද්‍රව්‍යයක් හඳුනාගෙන දැති බව වාර්තා වනවා.

Space.com වෙබ් අඩවියේ වාර්තාවකට අනුව මෙම හඳුනා නොගත් වස්තූන් හමු වී ඇත්තේ පර්‍යේෂණය ආරම්භ වී ගත වූ 8 වන චන්ද්‍ර දිනයේෙනම් ජූලි 25 වනදායි. චන්ද්‍ර දිනයක් පෘථිවි කාලයෙන් සති දෙකක් ලෙස ගණන් බැලෙනවා.

යානය විසින් එවූ ඡායාරූප වලින් අදාල ද්‍රව්‍ය නිරීක්ෂණය කල චීන විද්‍යාඥයින් ඉදිරි වැඩකටයුතු පසෙක දමා අදාල ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුර තිරතුරු එක්‍ රැස් කිරීම සඳහා රොබෝ යානය එම ආවාට තුලට යවා වැඩිදුර පර්‍යේෂණ ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් චීන බලධාරුඊන් අදාල ද්‍රව්‍ය දැක්වෙන ඡායාරූප මෙතෙක් පිටතට මුදා හැර නොමැති අතර රෝවරය ආවාටය දෙසට ගමන් කරන ඡායාරූපයක් පමණක් නිකුත් කොට තිබෙනවා.

මේ පිළිබඳ වාර්තා කරන Andrew Jones මාධ්‍යවේදියා එම දිලිසෙන ද්‍රව්‍ය උල්කා ගැටුමක් හේතුවෙන් උණු වූ වීදුරු විය හැකි බවට මත පළ කොට තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here