ඔබ විසින් නොකළ යුතු ඔබේ දත් වලට හානිකර පුරුදු 9ක් මෙන්න

අපගේ දත්වල නිරෝගිබව පවත්වාගැනීම කියන්නේ අප ශරීරයේ සෙසු සෞඛ්යටද අතිශය වැදගත් අවශ්‍යතාවයක් උනත් අප අතර සිටින ගොඩ දෙනෙක්ගේ නොදැනුවත්කම නිසා දත්වලට හානිදායක වෙන විදිහේ බොහොමයක් නරක පුරුදු එදිනෙදා ජිවිතයේදී සිදුකිරීමට ඇබ්බැහි වෙලා තිබිමනම් කණගාටුවට කාරණයක්.

ඒ නිසාම අද අපි අපේ මේ ලිපියෙන් තමාගේ මුඛ සෞඛ්‍ය ගැන හිතන ඕනෑම කෙනෙක් අනිවාර්යෙන්ම අත් හරින්න ඕන විදිහේ පුරුදු කිහිපයක් අරන් එන්න තීරණය කරා.

1. අදුරු පැහැ පාන වර්ග අධික ලෙස භාවිතා කිරීම.

අදුරු පාටට හුරු බිම වර්ගයක් කියන්නෙනම් ph අගය පහල මට්ටමේ තියෙන එහෙමත් නැත්තම් තරමක ආම්ලික බවකින් යුතු පාන වර්ගයක් බව කියන්න පුළුවන්. ඉතින් එවැනි පාන වර්ග නිතර පානය කිරීමෙන් දත් දිරා යාමේ අවදානමක් ඇතිවෙන්න පුළුවන් වගේම අපේ දත් අවපැහැ වීමකුත් සිද්ද වෙනවා. උදාහරණයක් විදිහට කෝපි හා රතු වයින් පෙන්වා දිය හැකි අතර මේවා පානයෙන් දත් මුල් දිය වීමද සිදු වෙන්න පුළුවන් කාරණයක්.

2. අයිස් කැට හැපීම.

අපි ගොඩ දෙනෙක්ගේ පුරුද්දක් තමයි සීත කල බිම වර්ගයක් පානය කරන වෙලාවට එකේ තියෙන අයිස් කැට එහෙම හපන්න උත්සහ කරන එක. එත් ඒ දේනම් අපි ගල් කැටයක් හැපිමට උත්සහ කිරීමක් තරම්ම දත් වලට අහිතකර ක්‍රියාවක් බවනම් කියන්නම ඕනේ. අධික ඝන ද්‍රව්‍ය ඒ ආකාරයට හැපිමට තැත් කරනවා කියන්නේ දත් කැඩී යාම, එනමලය සිරීම වගේම දත්වල පටක ඉරි යාමෙන් අධික වේදනාවකට වුනත් පත්වෙන්න පුළුවන් කාරණයක්.

3. නියපොතු හැපීම හා ඇගිලි ඉරීම වැනි එදිනෙදා පුරුදු.

නියපොතු හැපීමේ පුරුද්ද කියන්නේනම් අත්වල ඇගිලි අවලස්සන වෙන්න විතරක් නෙවෙයි තමන්ගේ දත් වලටද හානිකර දෙයක් කියලනම් ඔයාල නිකමටවත් හිතන්න නැතුව ඇති. නියපොතු හැපීම වගේම සමහරක් අයගේ පවතින ඇගිලි ඉරීමේ පුරුද්ද නිසා දිර්ගකාලිනවා දත් ඇද වීමක් හෝ දත්වල පිහිටීමේ වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ ඒ හේතුව නිසා මුහුණට අවලස්සනක් වගේම හුස්ම ගැනීමේ ප්‍රශ්න සහ අහාර හැපිමේ අපහසුතාද ඇතිවෙන්න පුළුවන්.

4. වැරදි ආකාරයට දත් මැදීම.

වැරදි ආකාරයට දත් මැදීම වගේම වැරදි වෙලාවට දත් මැදීම කියන්නේනම් අපි බොහෝ දෙනෙක් සුලබවම සිදුකරන වැරදී කිහිපයක විශාල එකතුවක් කියන්න පුළුවන්. ඉතින් ඔයාලම බලන්නකෝ මේ වැරදි වලින් කොච්චර විතර ප්‍රමාණයක් දත් මදින වෙලාවට ඔයත් සිද්ද කරනවද කියලා.

  • ඉතා තදින් දත් මැදීම – ඕනෑවටත් වඩා තදින් දත් මදිනවා කියන්නේනම් දත් පිරිසුදු වීම කෙසේ වෙතත් දත් රෝගී කරගන්නනම් හේතුවක් කියන්න පුළුවන්. දත්වල එනමලය ගෙවී ගොස් දත් සිදුරු සෑදීම වගේම ශිත ආහාර සදහා දත් ඕනෑවටත් වඩා සංවේදී වීම මේ නිසා සිද්ද වෙන්න පුළුවන්.
  • උදැසන කෑමට පෙර දත් මදින්න – රාත්‍රිය පුරා කට ඇතුලේ ක්‍රියාකාරීවන බැක්ටීරියා වර්ග ඉවත් වීමටනම් උදැසන කෑමට පෙර දත් මැදිම අනිවාර්යෙන්ම කරන්න ඕනේ දෙයක්.
  • අහාර ගත් සැනින් දත් මැදීම – අහාර ගත් විගසම දත් මදින්නේ නැතුව විනාඩි 45ක්වත් ඉන්න එක තමයි නුවනට හුරු. නැත්තම් ඔබ ආම්ලික ආහාරයක් ලබාගත් අවස්ථාවක ඔබේ දත් සන්වෙදිතවයට පත් වෙලා තියෙන නිසා ආහාර ගත සැනින්ම දත් මැදීමෙන් දත් වලට හානියක් උනත් ඇති වෙන්න පුළුවන්.
  • අනාරක්ෂිතව ඇසිරූ දත් බුරුසු – ඔබත් ඔබේ දත් බුරුසුව නාන කාමරයේ කිසිදු ආවරනයකින් තොරව තබා තිබෙනවානම් එය විවිධ බැක්ටීරියා දහස් ගණනකගේ විශාල තෝතැන්නක් බවනම් කණගාටුවෙන් උනත් කියන්න වෙන කාරණයක්. ඒ නිසාම තමාගේ දත් බුරුසුව ආවරණය කර කැබිනෙට්ටුවක් වැනි අතුලතකින් තැබීම ඉතාම වැදගත්.
  • තද දත් බුරුසු භාවිතා කිරීම – තද දත් බුරුසු වලින් දත් මැදිමනම් කිසිමදාක සිදු නොකළ යුතු දෙයක් කියන්න පුළුවන්. වෙළදපොලේ පවතින medium හෝ soft ලෙස සදහන් දත් බුරුසු ඔබේ දත් නිසි ලෙස මැදගැනීමට හොදටම ප්‍රමාණවත් අතර hard ලෙස සදහන් දත් බුරුසුවකින් දත් මැදීමෙන් ඔබේ දත් මුල් වගේම එනමලයටද තදබල ලෙස හානි වෙන්න පුළුවන්.
  • දත් මැදි ගමන්ම කට සේදීම – දත් මැදි සැනින්ම කට සේදීම සිදු නොකර විනාඩි 2, 3ක් සිටීම දන්තාලේප වල ඇති fluoride වලට දත් ශක්තිමත් කිරීමට හා ක්ෂය වීමට විරුද්දව සටන් කිරීම සදහා උපකාරයක් වනු ඇත.

5. අධිකලෙස පැණිරස ආහාර ගැනීම.

ඇත්ත වශයෙන්ම කිව්වොත් අපගේ මුඛය තුලදී බැක්ටීරියා මගින් පැණිරස ආහාර ජිර්නයේදී ඒවා ආම්ලික ද්‍රව්‍ය බවට පරිවර්තනය වීම සිදුවන අතර ඒ හේතුවෙන් දත් එනමලය බිදී යාම, දත් දිරා යාම හා දත් කුහර සැදීම ආදිය සිද්ද වෙන්න පුළුවන්. ඒ නිසාම ටොෆි වර්ග, සෝඩා වර්ග, පලතුරු බීම වැනි අධික පැනිරසකාරකයන්ගෙන් වැලකි සිටීම නිරෝගී දත් දේපලක් සදහා හේතු වෙන බවනම් කියන්න පුළුවන්.

6. ඔබේ දත් මෙවලමක් ලෙස භාවිතා කිරීම.

බොතල් මුඩි ඇරීම, ප්ලාස්ටික් හෝ පොලිතින් කවර ඉරීම වැනි කර්තව්‍යන් නිසි උපකරණ භාවිතයෙන් තොරව දත් වලින් සිදු කරන්න යනවා කියන්නේනම් ඔයත් තමන් විසින්ම තමන්ගේ දත් විනාශ කරගන්න හදන පුද්ගලයෙක් කියන්න පුළුවන්. අඩුව තියෙද්දී අත පුච්චගන්න එපා කියනවා වගේ ඒවැනි දේවල් වලට කෑම හපන්න ලැබිලා තියෙන දත් ටිකනම් පාවිච්චි කරන්න එපා කියන එක තමා අපේනම් උපදේශය.

7. ආහාර හැර වෙනත් දේවල් හැපීමට පෙළබිම

සමහරක් පුද්ගලයන් පුරුද්දක් විදිහට පෑන්, පැන්සල් ආදිය හපනවා නැත්තම් කොන්ඩ කට්ටක්, යතුරු කැරැල්ලක් හදිසියට කටින් අල්ලගෙන ඉන්නවා ඔයාලත් ඕන තරම් දැකලා ඇති. ඒ කෙසේ වෙතත් කියන්න ඕනේ එවැනි ක්‍රියා වලින් අපි නොදැනුවත්වම දත් වලින් විශාල බලයක් ඒ ද්‍රව්‍ය මත යෙදීම නිසා දත්වල එනමලය බිදී යාම, දත් ඇද වීම, හකු අදවිම වගේම දත් කැඩීයාම පවා සිද්ද වෙන්න පුළුවන්.

8. වැරදි ආකාරයේ දත් සුද්ද කිරීම්.

දත් සුද්ද කිරීම මගින් බුරුසුව මගින් ඉවත් නොවන සමහර ආහාර කැබලි පවා ඉවත් වන නිසා දත් මැදීමට පෙරම දත් සුද්ද කිරීම නිර්දේශ කරන්න පුළුවන්. නමුත් හුග දෙනෙක් නිවැරදි ආකාරයට තම දත් සුද්ද කිරීම සිදු නොකිරීමනම් කණගාටුවට කාරණයක්. ඔබගේ දත් කූරු යොදාගෙන දත් දෙකක් අතරින් ඉහලට පහලට සෙමින් ගෙනයමින් දත් සුද්ද කිරීම මිස දත් හරහා ඉදිරියට පසුපසට ගෙන යමින් සුද්ද කිරීමටනම් කිසි ලෙසකටවත් සිතන්නටවත් එපා.

9. නිතරම කෙටි ආහාර ගැනීම.

මුඛයේ නිපදවෙන මුඛ කේටය ආහාර කැබිලි ජීර්ණයට හා අවසානයේ කට සේදී ඉවත් වීමටද උපකාරයක් වන නමුත් නිතර නිතර අහාර ගැනීම නිසා අවශ්‍ය තරම් මුඛ ඛේටය නිපදවීම සිදු නොවන නිසා, ජීර්ණයට ලක් නොවූ ආහාර කැබලි දත් අතර සිරවී තිබීම දකින්න පුළුවන් වගේම ඒ හේතුවෙන් දත් නරක් වීම සුලභව සිදුවන කාරණයක් ලෙස දක්වන්න පුළුවන්.

ඉතින් ඔබත් කිරි දත් අවදිය පසු කල පුද්ගලයෙක් ලෙස අපගේ ජිවිත කාලය පුරාවටම පවතින මෙම දත් දෙපළ නිසියාකාරව රැකබලාගැනීම නම් ඉතාම අවශ්‍ය කාරණයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here