ජෝතිර්වේදයට අනුව ප්‍රේමාන්විත පුරුෂයන්ට හිමි ලග්න

මේ ලිපිය නම් ගොඩක්ම වැදගත් වෙන්නේ කාන්තා පාර්ශවයට. හැබැයි මේ ලිපිය කියවන පිරිමි ඔයාලටත් තමන් කොතරම් ප්‍රේමාන්විත පුරුෂක්ද කියලා බලාගන්න මේක හොද අවස්ථාවක් කරගන්න පුලුවන්. ඉතින් ගැහැණු ඔබ ඔබේ සහකරු හෝ පෙම්වතා කෙතරම් ප්‍රේමාන්විතද දැනගන්න කැමතිද..? එහෙම නැත්තම් ඔයාගේ අනාගත ප්‍රේම කුරුල්ලා කරගන්න ඕනේ කොයි වගේ කෙනෙක්ද කියල හිතනවද..? අද අපි එකට ඔයාලට උත්තරේ ගෙන්න තීරණය කරා. ඒ නිසාම අද අපි ඔයාලට කියන්න යන්නේ ජෝතිවෙදයට අනුව ප්‍රේමාන්විත පුරුෂයන්ට හිමි ලග්නයන් පිලිබදවයි.

වෘෂභ

ඔයාට අවශ්‍ය නිතරම ඔයා ගැන වැඩි ඕනෑකමින් හොයල බලන ආදරය කරන කෙනෙක්ද? එහෙනම් වෘෂභ කියන්නේ ඔයාගේ නිවැරදිම තේරීම වෙන්න පුළුවන්. වෘෂභ ලග්න හිමියන් ඔයාට හදවතින්ම ආදරය කරනව වගේම බොරුවක් කරන්නනම් කොහෙත්ම හිතන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ ගැහැණු ඔබට වෘෂභ ලග්න හිමියන්ව පහසුවෙන් යටත් කරගෙන පාලනය කිරීමටත් හැකියාව තියෙනවා.

තුලා

තුලා ලග්න හිමියෙක්ගේ බිරිදක් කියන්නේනම් ඉතින් හැමවෙලේම සතුටින් ඉන්න කාන්තාවක් කියන්න පුළුවන්. මොකද තුලා ලග්න හිමියන්ට තියෙන්නේ ඒ තරමටම ප්‍රේමාන්විත චරිතයක්. අවංකව ආදරය කරන ඔවුන් තුල තියෙන වැදගත්ම ලක්ෂණය තමා විවාහයෙන් වසර ගණනාවක් ගත උනත් තමන්ගේ ආදරය ඒ විදිහටම පවත්වාගෙන යාමට තියෙන හැකියාව. ඒ වගේම කියන්නම ඕනේ දෙයක් තමා තුලා ලග්න හිමියෙක් තුල තියෙන ආදරය, කරුණාව නිසා ඔහුගේ සහකාරියට ඔහුව නැතුවම බරි තැනට පත් වෙනවා කියන එක.

ධනු

ධනු කියන්නේනම් ඉතින් වැඩිය කතා බහ නැති චරිතයක්. ඒ හින්දම එයාල දිහා පිටින් බලලනම් ඔවුන්ගේ චරිතය මනින්න බැහැ. හැබැයි ඉතින් ධනු ලග්නහිමියන් ගැන විශ්වශයෙන් කියන්න පුළුවන් එක දෙයක්නම් තියෙනවා. ඒ තමයි ඔවුන් නියම ආදරවන්තයන් හෝ සැමියන් වෙන බවනම්. ධනු ලග්නහිමියන් කියන්නේ තමන්ගේ භාර්යාව හොදින් බලාගන්න දන්න පිරිසක් වෙනවා වගේම ඔයාගේ පෙම්වතා ධනු ලග්න හිමියෙක්නම් ඔයාට තමන්ගේ තාත්තගේ ආදරය සෙනෙහස ඔහුගෙන් ලබාගන්න පුළුවන් කියන එකනම් අපට නොඅනුමානයි.

මකර

මකර ලග්න හිමියන් කියන්නේත් තමන්ගේ කාර්යභාරය මැනවින් ඉටු කරන පිරිසක්. ඒ හින්දම ඔවුන් ප්‍රේමාන්විත පුද්ගලයන් විදිහට දකින්න පුළුවන්. මොකද එයාලා ඔයාලට ලබාදෙන්නේ කාලයත් එක්ක අඩුවෙන ආදරයක්නම් නෙවෙයි. හැමදාම එක වගේ තියෙන ආදරයක්. ආදරයට ආදරය කරන ගුණාංගය උපතින්ම අරන් එන මකර ලග්න හිමියෙක් කියන්නේනම් ඔබේ පෙම්වතා හෝ ස්වාමියා වෙන්න ඉතාම සුදුසු පුද්ගලයෙක් කියලා අපිට කියන්න පුළුවන්.

කුම්භ

කුම්භ ලග්න හිමි පුරුෂයෙක් කියන්නේනම් ඉතින් කවදාවත් තමන්ගේ පෙම්වතියගේ හෝ භාර්යාවගේ මුනේ දුකක්, කලකිරීමක් තියෙනවා බලන් ඉන්න පුළුවන් විදිහේ කෙනෙක්නම් නෙවෙයි. ඔවුන් තමන්ගේ සහකාරියගේ ප්‍රියකරු සිනහව නැවත අරන් එන්න ඕනෙම දෙයක් කරන්න පෙලබෙන විදිහේ පුද්ගලයෙක්. කොටින්ම කිව්වොත් මුළු ලෝකෙම උනත් ඔයාට ගෙනත් දෙන්න පුළුවන් උපරිම ට්‍රයි කරයි. නමුත් කුම්භ ලග්න හිමියන් සමහර වෙලාවට පවුලෙන් පිටත දේවල් සදහා වැඩිපුර මැදිහත් වීමක් දකින්න පුළුවන් වගේම ඒ හින්දම ඔහුන් අතින් තමන්ගේ පවුල, දරුවන් තරමක් දුරස් වෙන්න පුළුවන්. ඒ වෙලාවටනම් ඔහුගේ සහකාරියට කරන්න තියෙන්නේ රණ්ඩු සරුවල් වෙන්න යන්නේ නැතුව ඉවසීමෙන් බලාගෙන ඉන්න එක. මොකද ඔහු නැවතත් තම සහකාරිය එක්ක ඔහුගේ සුපුරුදු ජිවිතයට එන එකනම් අනිවාර්යෙන් සිදුවන කාරණාවක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here