එදිනෙදා ජීවිතයේදී හදිස්සි කියන දේවල් එන්නෙ කල් ඇතුව කියල නෙමෙයි. ටිහින් ඒ වෙලාවට කරන්න ඕන දේවල් අපි දන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා හැකි ඉක්මනින්ම ඒ ගැන හොදින් දන්න කෙනෙක්ට කෝල් එකක් හරි දීලා ඒ ගැන උපදෙස් ටිකක් ගන්න. ඉතින් මෙන්න මෙතැනදී තමයි ගෙදරම පිස්සු වැටෙන තැන. තමන්ට කතා කරන්න අවශ්‍ය කෙනාගේ දුරකථන අංකය තමන් ළහ නැති නම් අරහෙට මෙහෙට කෝල් කර කර අදාළ කෙනාගේ නම්බර් එක හොයන්න ගියාම කරන්න ඕන වැඩේ කරගන්න අන්තිමට වෙලාවත් මදි වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ දෙයක් අපි හැමෝටම මොනයම් හෝ අවස්තාවක වෙන්න පුළුවන් නිසා ඒ ගැන පුංචි මතක් කිරීමක් සිදු කරන ගමන්ම, හදිස්සියකදී අපි ලග තියෙන්න ඕනේ දුරකථන අංක කිහිපයක් ගැනයි Being Lankan අපි අද ඔයාලට කියන්න යන්නේ.

1. ග්‍රාමසේවකගේ දුරකතන අංකය

ඡන්ද හිමි නාම ලේඛනය, විවිධ ආධාර බෙදාදීම්, ඒ වගේම හැඳුනුම්පත් ආදී සියලු රජයේ කටයුතු ගමේ සිද්ධ කරන්නේ ග්‍රාමසේවක නිලධාරී තුමා. ඉතින් මේ වගේ දේවල් ගැන හදිසි තොරතුරක් ගන්න ඔබට ඕන උනොත් මේ නම්බරේ ඔබ ළඟ තියෙනවනම් ලේසියිනේද..? නැත්නම් වෙන්නේ ගමටම කෝල් දිදී ග්‍රාමසේවක මහත්තයාගේ නම්බර් එක හොයන්න.

2. ළඟම පොලිස් ස්ථානයේ දුරකතන අංකය

ගෙදරට හොරෙක් පැනලනම්, කවුරු හරි කෙනෙක්ගෙන් තර්ජනයක් එල්ල වෙනවනම්, රිය අනතුරක් වෙලා තියෙනවා දැක්කනම් ඔබ දැනුම් දෙන්න ඕන මුල්ම තැන තමයි ඔබේ ළඟම තියෙන පොලිසියට. 119 ට හරි 118 ට හරි කෝල් කරලා කිවුවත් එයාලත් ඊට පස්සේ දන්වන්නෙ ඔබේ ළඟම තියෙන පොලිසියට නිසා හොඳම දේ තමයි කරදරයක් උනාම කෙලින්ම ලඟම තියෙන පොලිසියට කතා කරන එක. ඒ හින්දා ඔබට ළඟම පොලිස් ස්ථානයේ දුරකතන අංකය ළඟ තියාගන්න හැමවෙලේම.

3. පාසලේ දුරකථන අංකය

students studying at school sri lanka

ඔබ ඉස්කෝලේ යන දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් තාත්ත කෙනෙක්නම් ඔබ ළඟ අනිවාර්යයෙන්ම මේ දුරකථන අංකය තියෙන්නම ඕන. පන්ති භාර ගුරුතුමියගේ හෝ ගුරුතුමාගේ දුරකථන අංකය තියෙනවනම් තව හොඳයි. පාසලේදී ළමයෙක් ලෙඩ උනාම, තමන්ගේ ළමයින්ගේ විනය ගැන, පාසලේ අලුතින් සිදුවන දේවල් ගැන දැනන් ඉන්න එක ඔබට උදවුවක් වේවි ඔබේ ළමයා හැසිරවීමේදී.

4. ඔබට සමීප වෛද්‍යවරයෙකුගේ අංකයක්

sri lankan doctor

ඔබේ ගෙදර කාට හරි ඉක්මන් ප්‍රථමාධාර අවශ්‍ය රෝගී තත්වයක් හැදුණොත් ඒ දේට මේ නම්බර් එක ඕන වේවි ඔබට. මහා රෑ ළමයෙක්ට ලෙඩක් හැදුනම අම්මල, තාත්තල විඳින දුක අපි දන්නවනේ. ඒ හින්දා මේ වගේ නම්බර් එකක් තියාගත්තොත් රෝග ලක්ෂණ කියල ගෙදරදි කරන්න ඕන ප්‍රතිකාර ටික දැනගන්න ඔබට පුළුවන් වේවි.

5. නිතිඥයෙකුගේ දුරකථන අංකයක්

lawyer in sri lanka

ඔබට හදිසි නීතිමය ගැටළුවක් පැණ නැගුනොත් ඔබට පුළුවන් ඔබේ සමීපතම නිතිඥයෙකුට කියලා ඒ ගැන උපදෙස් ගන්න. තමන්ටම කියල වෛද්‍යවරයෙකු වගේම තමන්ටම කියල නිතිඥයෙකුත් ඉන්න එක ඇත්තටම වටිනා දෙයක්.

6. ඒ වගේම මෙන්න මේ දුරකථන අංකත් ඔබ ළඟ තියාගන්න

  • 1990 – නොමිලේ පිරිනැමෙන හදිසි ගිලන් රථ සේවය
  • 119 – පොලිස් හදිසි ඇමතුම් ඒකකය
  • 117 – ආපදා කළමනාකරණය ඇමතුම් මධ්‍යස්ථානය
  • 118 – ජාතික උපකාරක සේවා (ආරක්ෂක අමාත්‍යාංශය)
  • 1919 – ජාතික තොරතුරු සේවය
  • 1911 – විභාග දෙපාර්තමේන්තුව
  • 1918 – උසස් අධ්‍යාපන අමාත්‍යාංශය
  • 116 – ගුවන් හමුදා හදිසි සේවා
  • 1987 – ලංකා විදුලිබල මණ්ඩලය
  • 1929 – ළමා උපකාරක සේවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here