මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියාවා විස්සයි විස්ස තරඟාවලියක් සංවිධානය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තරඟාවලිය වෙනුවෙන් සචින් තෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා, විරේන්ද්‍ර සෙවාග් සහ මුත්තියා මුරලිදරන් යන මහත්වරුන් ඇතුළත් වෙනවා. එමෙන්ම ජැක් කාලිස්, බ්‍රෙට් ලී සහ ශිවනරීන් චන්ද්‍රපෝල් යන ක්‍රීඩකයන්‍ ද මෙම තරඟාවලියට සහභාගීවන බව විදෙස් මධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා. තරඟාවලියේ පළමු වාරය 2020 පෙබරවාරි 2 සිට 16 දක්වා මුම්බායි හිදී පැවැත්වීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහිදී කණ්ඩායම් නම් කිරීමද පහත පරිදි සිදු කරණු ඇති බවට විදෙස් මාධ්‍ය මත පළකරනවා. (ඉන්දියා ලෙජන්ඩ්ස්, ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස්, දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස්, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් පුරාවෘත්ත කණ්ඩායම් වල නම්)

ලොව පුරා දේශීය විස්සයි විස්ස ලීග් තරඟාවලිවල පවතින ෆ්‍රැන්චයිස් ආකෘතිය මත පදනම් වූ ක්‍රීඩකයින් 110 දෙනෙකු මෙම තරඟාවලියේදී ක්‍රීඩා කරනවා. එමෙන්ම දැනට ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන ඇති ක්‍රීඩකයින් මෙම තරඟාවලියට සහභාගීවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකාවෙන් මුත්තයියා මුරලිදරන් සමඟ සුපිරි පිතිකරුවෙක් වූ තිලකරත්න දිල්ෂාන් ද ක්‍රීඩා කරනු ඇතැයි මත පලවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here