ලොව පුරා බිලියන ගණනක ජනතාවක් නොනවත්වා විනෝදාස්වාදය ලබන wrestling ක්‍රීඩාව ලංකාවෙත් බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස හදුන්වන්න පුළුවන්. මේ නිසාම wrestling ක්‍රීඩාව තුලින් අසමසම ආදායමක් රැස් කර ඇති wrestling තරු කිහිප දෙනෙක්ම සිටින අතර එයින් ලොව ධනවත්ම wrestling ක්‍රීඩකයින් 10 දෙනා පිළිබද විස්තර අද අපි ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

ලොව පුරා බිලියන ගණනක් එක ලෙස විනෝදාස්වාදය ලබන wrestling කියන්නේ අපේ ලංකාවෙත් බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස හදුන්වන්න පුළුවන්. ඉතින්, ලෝකේ ඉන්න ධනවත්ම wrestling ක්‍රීඩකයින් 10 දෙනා ගැන කියන්නයි අපි මේ සුදානම් වෙන්න.

10. Chris Jericho – $18 Million

1990 වසරේ කැනඩාවේදී වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයෙකු ලෙස ගමන ඇරබූ Chris Jericho පසුව මෙක්සිකෝවේ හා ජපානයේද ක්‍රීඩා කර ECW, WCW හා WWE උසවීම් ත්‍රිත්වයම ලබාගත් අතර මේ වන විට ඇමෙරිකාවේ වාසය කරයි. අද වන විට Jericho ශුරතාවලි 31ක් දිනා ඇති අතර WCW /WWE මගින් පිරිනමන සියලු ශුරතාවන් තමන් සතු කරගත් එකම Grand Slam ශුරයා ලෙසද Chris Jericho හැදින්විය හැක. wrestling ක්‍රීඩාවට අමතරව සජීව ප්‍රසංග හා වෙළද දැන්වීම් වලටද පෙනී සිටින Chris Jericho WWE පරිගණක ක්‍රීඩා වල මෙන්ම reality වැඩසටහන් වලත් ප්‍රසිද්ද චරිතයක් වන අතර වර්තමානයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 18ක වත්කමකට උරුමකම් කියන්නෙක්.

9. Kurt Angle – $20Million

Kurt Angle යනු වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයෙකු වගේම ඇමෙරිකානු චිත්‍රපට නළුවෙකුද වන ජනප්‍රිය චරිතයක්. wrestling ලෝක කුසලානය 6 වතාවක් ජයග්‍රහණය කර ඇති Angle ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගත් එකම wrestling ක්‍රීඩකයාද වන අතර World Heavyweight ශුරතව, WCW ශුරතව සහ WWE/F ශුරතා හතරක් දිනා ඇති දක්ෂ මල්ලවපොර ක්‍රීඩකයෙකි. මිට අමතරව Hardcore Champion, the European Champion, Intercontinental Champion, WWE Tag Team Champion, වගේම United States Champion යන ශුරතා තරගාවලි සදහාද සුදුසුකම් ලැබූ Kurt Angle ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණ වෙන බවට ගණන් බලා ඇත.

8. Big Show – $22 Million

ඇමෙරිකානු ඩොලර් මිලියන 22ක වත්කමකට හිමිකම් කියනු ලබන Big Show ලෝක ශුරතා තරගාවලිය සදහා 7 වතාවක් සුදුසුකම් ලබා ඇති අතර World Heavyweight ශුරතාව දෙවතාවක්ද, ECW World Heavyweight ශුරතාවලිය එක් වතාවක්ද, වගේම WCW World Heavyweight හා WWF/E ශුරතාද දෙවතාව බැගින් ජයග්‍රහණය කර ඇති විශිෂ්ට ක්‍රීඩකයෙකි. මෙම ජයග්‍රහණ නිසාම රංගන ජිවිතයට පිවිමට හැකියාව ලද Big Show; Royal Pains, Star Trek: Enterprise, Burn Notice, Knucklehead, Waterboy වැනි නාට්‍ය වල රගපෑමෙන් මෙතරම් ඉහල වත්කමක් තමන් සතු කරගත් පුද්ගලයෙක් කිව්වොත් නිවැරදි.

7. Stephanie McMahon – $25 Million

ලොව ධනවත්ම wrestling ක්‍රීඩකයින් 10 දෙනාගේ ලයිස්තුවේ සිටින එකම wrestling ක්‍රීඩිකාව වන Stephanie McMahon; wrestling පිටියේ වගේම ටී-ෂර්ට් සහ අනෙකුත් වෙළඳ භාණ්ඩවල WWE නාමාවලිවල තානාපති ලෙස කටයුතු කරමින් විශාල මුදලක් උපයන තැනැත්තියක් කියන්න පුළුවන්. ඒ වගේම ඇය විවිධ ප්‍රධාන පෙළේ සමාගම් වල සන්නාම නිලධාරිණිය වශයෙන්ද කටයුතු කරමින් පවතින අතර ඒ හේතුවෙන්ම මැය ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක තරම් විශාල වත්කමක් හිමි තැනැත්තියක්.

6. Scott Hall – $30 Million

wrestling වලල්ලේ Razor Ramon යන අන්වර්ථ නාමයෙන් හදුන්වන Scott Hall දෙවතාවක්ම ලෝක wrestling ශුරය බවට පත් වී ඇති අතර WWC Universal Heavyweight හා USWA Unified World Heavyweight ශුරතා තරගාවලි වලද ජයග්‍රාහකයෙක්. New World Order සංගමයේද ආරම්භක සාමාජිකයෙකු වන Scott Hall වසරකට ඩොලර් 95000 ක වැටුපක් ලබන අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක වත්කමකට උරුමකම් කියන පුද්ගලයෙක්.

5. Triple H – $30 Million

වර්තමානයේ WWE හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කරන Triple H; Undertaker ට පසුව බිහි වූ බලසම්පන්නම හා කීර්තිමත්ම wrestling ක්‍රීඩකයා ලෙස සලකනු ලබයි. Triple H හට WWF/WWE ශුරතා 9ක් හා as WWE’s World Heavyweight ශුරතා 5ක් සමග මුළු ශුරතා 25ක් දිනා ඇති අතර ඔහුගේ වත්කමද ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක් ඉක්මවීම කැපී පෙනෙන කාරණයක්.

4. John Cena- $40 Million

ධනවත්ම wrestling ක්‍රීඩක ලයිස්තුවේ 4 වන ස්ථානය හිමි කරගෙන ඇති John Cena නම් අප බොහෝ දෙනෙක් දනා wrestling තරුවක් බවනම් නිසැකවම කියන්න පුළුවන්. වයස අවුරුදු 12 දී තම wrestling දිවිය ආරම්භ කල John Cena World Heavyweight ශුරතාව දෙවතාවක් සහ WWE ශුරතාවය 10 වතාවක් සමග සමස්ත ශුරතාවලි 19ක්ම හිමි කරගත් පුද්ගලයෙක්. wrestling දිවියට අමතරව ගායනයට මෙන්ම රංගනයට පිවිසි John Cena; Legendary, 12 Rounds, The Marines වැනි චිත්‍රපට සදහා රංගනයෙන් දායක වී ඇති අතර Manhunt, Deal or No Deal, Punk’d, Saturday Night Live වැනි රුපවාහිනී වැඩසටහන් වලටද තම දායකත්වය ලබා දී තිබෙනවා. එමෙන්ම You Can’t See ගීත ඇල්බමයද ඔහුගේ නිර්මාණයක්.

3. Steve Austin – $45 Million

වර්තමානයේ WWE හි සභාපති මෙන්ම ප්‍රධාන විධායක නිළදාරි ලෙස කටයුතු කරන Steve Austin නිතරම බියර් පානයේ යෙදෙන නොහික්මුණු ක්‍රීඩා විලාසයක යෙදෙන පුද්ගලයෙක් ලෙස wrestling වලල්ල තුල නම් දරා ඇති පුද්ගලයෙක්. wrestling ක්‍රීඩාවට අමතරව රංගනයෙන් කැපී පෙනෙන ආදායමක් ලබන Austin; The Longest Yard, The Stranger, The Stranger, The Condemned, Damage, The Expendables, Hunt to Kill, ආදී චිත්‍රපට විශාල ප්‍රමාණයකට දායකත්වය ලබා දී ඇති පුද්ගලයෙක්.

2. Dwayne Johnson – $125 Million

ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක් තරම් ඉහල වත්කමක් සහිත Dwayne Johnson නම් අප කවුරුත් දන්නා ප්‍රසිද්ධ ඇමෙරිකානු චිත්‍රපට නළුවෙක් වුවත් ඔහු wrestling වළල්ල තුලදීනම් The Rock යන නාමයෙන් හැදින්වෙන සුපිරි මල්ලවපොර ක්‍රීඩකයෙක් යන වගනම් බොහෝ දෙනෙක් නොදැන සිටින්නට ඇති. Dwayne Johnson මේ වන විට WWF Tag Team ශුරතා 5ක්, WWF Intercontinental ශුරතා 2ක් හා world heavyweight ශුරතා 10ක් සමග මුළු ලෝක ශුරතා 17ක් දිනාගෙන ඇති දක්ෂ wrestling ක්‍රීඩකයෙක්.

1. Vince McMahon – $800 Million

අද අපේ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි කරගෙන ඇති Vincent McMahon නම් ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක් තරම් ඉහල වත්කමක් ඇති පුද්ගලයෙක්. WWE හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු මෙන්ම ප්‍රධාන විධායක නිළදාරියෙකු ලෙසද කටයුතු කරන McMahon වෘත්තීය wrestling පිටියේ බලස්ම්පන්නම ක්‍රීඩකයෙක් ලෙස නම් දරා ඇති පුද්ගලයෙකි. ලොව ප්‍රකට apple වැනි සමාගම් වල විශාල කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන McMahon සතුව එංගලන්තයේ ග්රින්විච්(Greenwich) ප්‍රදේශයේ ඩොලර් මිලියන 20ක නිවාඩු නිකේතනයක් හා ඩොලර් මිලියන 40ක මන්දිරයකද හිමිකරුවෙක්. එමෙන්ම Sexy Bitch ලෙස නම් කර ඇති අඩි 47ක් දිග යාත්‍රවකද හිමි කරුවෙක් ලෙස Vincent McMahon හදුන්වා දෙන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here