බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන්ගේ සහ අමිරිතා සිංගේ දෙටු දියණිය ජනප්‍රිය නිළි සාරා අලි ඛාන් නිවාඩුවක් ගත කිරීම සඳහා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ගොස් තිබෙනවා.

කාර්යබහුල කාලසටහනේ ඉඩක් වෙන්කරගනිමින්, තමන්ගේ යහළු යෙහෙළියන් කිහිප දෙනෙක් සමඟින් ඇය මෙරටට පැමිණ තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

“Lady in Sri Lanka” ලෙස සඳහන් කරමින් සිය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමෙහි ඡායාරූප කිහිපයක් පළ කිරීමට ද ඇය පසුගියදා කටයුතු කර තිබුණා.

ඡායාරූපවලින් දක්නට ලැබෙන්නේ ඇය නවාතැන් ගෙන සිටියේ ගාලු ප්‍රදේශයේ හෝටලයක බව යි. මුහුදු වෙරළක් ආසන්නයෙහි සිටින ඡායාරුපයක් මෙන්ම වැසිබර දිනයක ත්‍රී රෝද රථ සවාරියක් යන ආකාරය දැක්වෙන ඡායාරුපයක් ද ඒ අතර වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here